Posts

උනුසුම්ම හාද්ද

Image
  හිස තියා  සැනසෙන්න  නුබේ පහස  මත.... විඳින්නට  නුබේ සෙනෙහස  දෑස් පියාන... මේ   පසු කරන කර්කෂ නිමේෂ  තුළ අවැසිම  නුබේ , උණුසුම් ම  හාද්ද .... අරබන්නට නැවත  ජීවිතය ....

අපි

Image
 අපි - 04 වන කොටස සඳැසි ඔහුගේ සිත් දිනා ගත් දෙවන තරුණියයි. නමුත් ඇය අතහැර දැමීමට තරම් ශක්තිය ඔහු තුළ අද වන තෙක් ගොඩනැගී නැත්තේද සඳැසි ඔහුගේ මුළු සිතම සොරාගෙන ඇති නිසා බව ඔහු ද දැනී. සඳසි සොඳුරුය. ඉතා ප්‍රියකරුය. ඇය සමඟ කතා කිරීමට වුවද කාත් ඇලුම් කරයි. ගනිත් ඇය පිළිබඳ සැලකිලිමත් වූ දා සිට අද වන තෙක් බොහෝ දේ ඇය පිළිබඳ සොයා ගෙන ඇත්තේ ඇයට ද නොදැනුවත්වමය. තම හොඳම මිතුරෙකු වූ මධුෂාන් ඇගේ ප්‍රේමය පතා මාස කිහිපයක්ම බලා සිටිමින් ඇගේ කැමැත්ත කිහිප වරක්ම විමසා ඇති බව ගනිත් දැනගත්තේ එවිටය.සඳැසි එය ප්‍රතික්ෂේප කළ බවත් ඇයගේ ප්‍රේමවන්තයා වන ඉන්ද්‍රජිත් හට ඇය ප්‍රේමයෙන් බැඳී  සිටින බවත් දැනගත්තේ සඳැසි ගේ හොඳම මිතුරිය වන සෙව්වන්දිගෙන්‍ ය. සුදු පැහැති සිහින් සිරුරක් හිමි ඔහුගේ හිසකෙස් තරමක් දුඹුරු පැහැ වූ අතර ඇස් කළු වර්ණ විය. තරුණියකගේ සිත ඇද බැඳ තබා ගන්නට හැකි ඔහුගේ කඩවසම් කම සඳැසි ගේ සුන්දරත්වයට ඔබින බව ඔවුන් පිළිබඳ දන්නා කවුරුත් කතා කරන්නකි. රූපයෙන් සේම පාසල තුළ දී ද ඔවුන් කැපී පෙනුණේ ශිෂ්‍යයින්ගේ සේම ගුරුවරුන්ගේ ද සිත් දිනාගනිමින්ය. පාසල් ක්‍රීඩා තරඟ සඳහා පාසලෙන් පිටව ගිය ශිෂ්‍ය කණ්ඩායම අතර මොවුන්ද

අපි

Image
 අපි - 03 වන කොටස  ගනිත් ගේ ජීවිතය තුළ වඩාත් වටිනා ම වස්තුව වී සිටින්නේ ඇගේ මවයි. කුඩා කල සිටම බොහෝ කැපකිරීම් කළ ඇය ගනිත්ට කිසිදු අඩුපාඩුවක් කළ නැත්තෙ ගනිත් කෙරෙහි ඇය සතු වූ අසීමිත සෙනෙහස නිසා යැයි ඔහු ද දන්නා දෙයකි. දිනක් දෑස වසාගෙන ඇඳ මත තමා අසලින් වැතිර සිටි මව දෑස් පියා සිටිනවා යැයි මරලතෝනි දුන් ගනිත් මව නිදා සිටිනා බව නොසිත ඇය තමා හැර ගොස් ඇති බව සිතමින්  හඬා වැලපූ කතාවක් මව ඔහු සමග කියා ඇත.තමන්ගේ මවට එතරම් ප්‍රේම කළ ගනිත් කිසිදාක ඇගේ සිත රිදෙන්නට යමක් කර හෝ කියා නැති තරම්ය. ගනිත් තම පෙම්වතිය ,ජීවන සහකාරිය ලෙස තම සිතෙහි ඉඩක් වෙන් කරන්නට උත්සාහ දරන තරුණියද තම මව මෙන් සිටීම ප්‍රිය කරයි. සඳැසි රූපයෙන් තම මවට සමාන ය. ගතිගුණ ද දැනගත් ආකාරයට මව හා බොහෝ සෙයින් සමාන යැයි කිවහැකිය. තම මව සමඟ සඳැසි ගමන් ගන්නේ නම් ඇය තම සහෝදරියක් යැයි කීමට ද අපහසු නොවන්නේ මව හා ඇය අතර පවතින සමාන චරිත ස්වභාවය නිසා බව ගනිත් දනී . නමුත් මධුෂාන් කියූ ආකාරයට සඳැසි වෙන අයෙකුට හිමි වූ ප්‍රේමවන්තියකි. ගනිත් සිත තමන්ට ගළපා ගත් පළමු තරුණිය ඇය නොවෙයි. නමුත් සඳැසි ඇයටත් වඩා සමීප බවක් ගෙන එන අහංකාර තරුණියකි . පාසල් කාලයේ

නු ..........බ

Image
සබර ලස්සන වැස්සට  උනාට නෑනේ සතුටක් මගෙ  හිතට... වැටුනට වැහි බිංදු  දැවෙටෙමින් ගතෙහි , හිස් බවක් දැනෙන්නේ  ළඟ නැතුව  නුබ.... ආදර කන්ද හැන්ගුවේ  අද වලාකුළකින් .... දුක හිතෙන හින්ද ද  නුබ නැතුව  පාලුවෙන්... ඇවිත් විඳගන්න ඔය  පහස... දෑස් පියනවා හැම රැයක මම ... සිත පිරෙන්න තුරුලු වෙන්නට......

අපි

Image
 අපි  - 02 වන කොටස දින කිහිපයක වෑයමෙන් පසු මදුශෂාන්ගෙන් ම ඇය ගැන දැන ගැනීමට තීරණය කරේ ඔහු ඇය පිළිබඳ   දන්නවා යැයි සිතූ නිසාය. " කවුද බන් අර එදා හිටපු කෙල්ල ? " " කොදා ද බන් අපි කොච්චර නම් කෙල්ලෝ දකිනවද දවසට " " අර උඹලාගේ ගේ එහා පැත්තේ සුදු කෙල්ල " " ඒකිද ? උඹ පරක්කු වැඩී බන්. ... ඒකිට කොල්ලෙක් ඉන්නවා   " ගනිත්ගේ හදවත සිහින් තුඩ සහිත පිහියකින් කුරුටු ගාන්නාක් වැනි වේදනාවක් පැතිර ගිය ද මේ කතාව මෙතැනින් නතර කරීමට ඔහුට සිත් නොවීය. ඇය නමින් සඳැසි ය. ඇයගේ මව ගුරුවරියකි. පියා විදුහල්පතිතුමෙකි.පවුලෙහි දෙවෙනියා වූ ඇය ටියුෂන් පැමිණෙන්නේ ක්‍රීඩා පිටිය අසලට බව මදුෂාන් කියූවේද හිත නොහොඳකින් බව ගනිත්ට නොදැනුන ගානය. කෙසේ වුවද සිත් ගත් තරුණිය අහිමි වූවක් වැනි හැඟීමක් ගනිත්ගේ සිත පෙළන්නට විය. එදින රාත්‍රි ආහාර නොගත් ඔහු ඇගේ දෑස මවමින් සිහින දකින්නට උත්සාහ දැරූවේ එහි දී ඇයව කිසි දින අහිමි නොවන නිසාය. " ලොකූ ... ලොකූ .... නැගිටින්න තේ හැඳුවා .... නිවෙනකම් ඇඳේ ඉඳලා ඇවිල්ලා තේ එක විසි කරන්නකෝ. .." " හා අම්මා .... මොකද අනේ උදේම කියවන්නේ " එදත් සු

අපි

Image
අපි  -  01 වන කොටස ජ ල බිඳිති පොළෝ තලය සිප ගනිත් ම සිසාරා පැතිර ගියේ බලාපොරොත්තුවක සුවඳය. පණ අඳින රූක්ෂ ගස් බලා සිටින්නේ වැටෙන කුමක් වුව ද හිමි කර ගැනීමට මෙනි. නමුත් වේගයෙන් හමා ආ සුළං ඩැහැගෙන යන්නේ ස ිත් ගණනාවක ගිල්වී තිබූ බලාපොරොත්තු ගණනාවකි. වෙනදා මෙන් සුපුරුදු ව   වැටු ණු හිරු කිරණෙහි ආගමනයත් සම ඟ අවුරුද්දක තවත් දවසක් පටන් ගන්න ට එදින ද ගනිත් ඇඳෙන් නැගිට්ටේ අම්මාගේ මියුරු අඳෝනාවත් සමඟය. තේ කෝප්පය මේසයේ මත තැබූ මව ලිපත් සමඟ පොර බඳින අයුරු ගනිත් දුටුවේ නිදිමතින් තවමත් බර වූ දෑසින් ම ය . ගනිත්ගේ මව බැංකු නිලධාරිනියකි . පියා දවසේ වියදමට කුමක් හෝ ක්‍රියාවක නිරත වන සාමාන්‍ය පියෙකි . උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණ දුන් ගනිත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලා සිටින හීන පොදි බැඳ ගත් තරුණයෙකි. ඔහුගේ එකම ආශාව ඉංජිනේරුවෙකු වීමට ය . කෙතරම් හීන සිතෙහි තිබුණ ද ක්‍රිකට් නම් ඔහුගේ ජීවිතයේ හුස්ම බඳුය . එදින ද දවසෙහි ආරම්භය ගමේ ක්‍රීඩා පිටියෙන් ගනිත් ආරම්භ කරන්නට පසුබට නො වූයේ එහෙයිනි . පාසල් නිවාඩු කාලය නිසාත් ගනිත් දක්ෂ ක්‍රීඩකයෙකු වූ නිසාත් ගමේ කොල්ලෝ කුරුට්ටන් අතර ගනිත් නැතිව බැරි චරිතයක් ව